දේශීය

නාවික හමුදාව විසින් මැනිං වෙළඳපොළ විෂබීජහරණය කරයි

(UTV | කොළඹ) –  කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන විෂබීජහරණ වැඩසටහනක් කොළඹ, මැනිං පොදු වෙළඳපොළ පරිශ්‍රයේදී ඊයේ (27) දිනයේ දී දියත්කොට ඇත.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ පූර්ණ උපදෙස් මත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් විෂබීජහරණ වැඩසටහන් රැසක් දියත් කරමින් සිටියි.

අත්‍යාවශ්‍ය සේවාවක් වශයෙන් කොළඹ මැනිං පොදු වෙළඳපොළේ කටයුතු පවත්වාගෙන යාමට රජය විසින් තීරණය කර ඇති බැවින් එහි වෙළදාම් කටයුතු සිදු කරන සහ පිටතින් පැමිණෙන වෙළඳුන්ගේ ආරක්‍ෂාව සඳහා මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.

Related posts

මගීන්ගේ ආරක්‍ෂාවට දුම්රිය ගමන් වාර ගණන තවත් වැඩි කෙරේ

Mohamed Dilsad

තවත් ” ෆයිසර් ” එන්නත් මාත්‍රා 182,400ක් දිවයිනට

Mohamed Dilsad

මහ මැතිවරණය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment