දේශීය

සාමාන්‍ය ජනතාව මුඛ ආවරණ පැළඳීම අනවශ්‍යයි[LETTER]

(UTV |කොළඹ) – සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබේ.

ඒ සාමාන්‍ය පුද්ගලයින්ට මුඛ ආවරණ භාවිත කිරීම සඳහා නිර්දේශ නොකරන බව පවසමිනි.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන පුද්ගලයින්, ඔවුන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් මෙන්ම රෝගීන් රැකබලාගන්නා සෞඛ්‍ය සේවකයින් සහ ස්වසන රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයින් මුඛ ආවරණ පැළඳීම නිර්දේශ කරන බව එම ලිපියේ දැක්වේ.

විශේෂයෙන් සාමාන්‍ය පුද්ගලයින් මුඛ ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බවත්, භාවිත කළ මුඛ ආවරණ තැන තැන බැහැර කිරීම මගින් රෝග පැතිරීමේ වැඩි අවදානමක් පවතින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

එමඟින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩබලන පොලිස්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ සාමාන්‍ය ජනතාව මුඛ ආවරණ භාවිත නොකිරීම වරදක් ලෙස සළකා ඔවුන්ට කිසිදු හානියක් නොකරන ලෙසයි.

Related posts

දෝහා කටාර්හි සිට තවත් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළියක්

Mohamed Dilsad

ඉන්දීය ජාතිකයින් පිරිසක් සිය මව්රට වෙත

Mohamed Dilsad

Leave a Comment