දේශීය

ජනපති ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වීමක්

(UTV|කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වී තිබේ.

අද (25) පෙරවරු 10.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැබිනට් මණ්ඩලය රැස්වී ඇති බව වාර්තා වේ.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරන ආකාරයට ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී අවධානය යොමු කිරීමට නියමිතව ඇත.

රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ ජනතාවට ලබාදිය හැකි සහන පිළිබඳව ද මෙහිදී වැඩි අවධානයක් යොමුකරන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සදහන් කළේය.

මේ අතර වී මිලදී ගැනීමේ සහ සහල් බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදුකිරීමට නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මකකර ඇති බව මහා පරිමාණ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කළේය.

Related posts

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ගාල්ලේ පාසල් වැසේ

Mohamed Dilsad

අංගොඩ ලොක්කා විස ශරීර ගත වීමෙන් මිය ගිය බව හෙළිවෙයි

Mohamed Dilsad

Leave a Comment