දේශීයප්‍රමුඛ පුවත 1

පවතින තත්ත්වය නිසා හෙට රජයේ  නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට  පත් කෙරේ

(UTV |කොළඹ ) – හෙට දින රජයේ  නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට  පත් කෙරේ.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට (15) දින රජයේ බැංකු සහ වෙළෙඳ දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම තීරණය ගත් බවයි.

මේ අතර  ඉදිරි සති 2ක කාලයක් ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන සහ සත්වෝද්‍යාන  මහජනතාවට විවෘත නොකරන අතර පින්නවල අලි අනාථාගාරය, රීදිගම සෆාරි උද්‍යානය යන ආයතන දඊට ඇතුළත් බව පරිසර හා වනජීවි සම්පත් අමාත්‍යාංශය සදහන් කළේය.

Related posts

තීරු බදු ප්‍රතිපත්තිය නැවත සලකා බලන ලෙස ලොව ප්‍රභලයෙක්ගෙන් ට්‍රම්ප් ට ඉල්ලීමක්

Editor O

කොරෝනා  රෝගයේ  අලුත්ම තත්වය

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ ට විජේරාම නිවස දුන් යහපාලන ආණ්ඩුවේ රැස්වීමට අනුරත් ආවා..- රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment