දේශීයප්‍රමුඛ පුවත 1

පවතින තත්ත්වය නිසා හෙට රජයේ  නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට  පත් කෙරේ

(UTV |කොළඹ ) – හෙට දින රජයේ  නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට  පත් කෙරේ.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට (15) දින රජයේ බැංකු සහ වෙළෙඳ දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම තීරණය ගත් බවයි.

මේ අතර  ඉදිරි සති 2ක කාලයක් ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන සහ සත්වෝද්‍යාන  මහජනතාවට විවෘත නොකරන අතර පින්නවල අලි අනාථාගාරය, රීදිගම සෆාරි උද්‍යානය යන ආයතන දඊට ඇතුළත් බව පරිසර හා වනජීවි සම්පත් අමාත්‍යාංශය සදහන් කළේය.

Related posts

ඇඳිරි නීතිය කඩ කළ තවත් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජ්‍යොතීෂය අනාවැකි කීම තහනම් කරයි. කිව්වොත් නඩු දානවා – මැතිවරණ කොමිෂම

Editor O

ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීමේ විශේෂ දිනය අද

Editor O

Leave a Comment