දේශීය

වව්නියාවේ නිරෝධායන මධ්‍යස්ථානයකට එරෙහිව  පිරිසක් විරෝධතාවයේ

(UTV |වව්නියාව ) – නිරෝධායන මධ්‍යස්ථානයක් වව්නියාව පම්පමඩුව යුද හමුදා කඳවුරක් තුළ ස්ථාපිත කිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක්  විරෝධතවයක නිරතව  තිබේ.

මෙහි විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් කොරෝනා වෛරසයෙන් නිරෝධායනය කිරීම සූදානම් වන බවට තොරතරු ලැබීමත් සමග මෙම පිරිස කලබලයට පත්ව ඇත.

වව්නියාව නෙලුකුලම ප්‍රදේශයේ දී මෙම විරෝධතා වැඩසටහන සංවිධානය කොට ඇති අතර, විරෝධතාවට වව්නියාව දෙමළ ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 213 දෙනෙකු නිරෝධායන කටයුතු වෙනුවෙන් වව්නියාව පම්පමඩුව යුද හමුදා කඳවුරක් වෙත ඊයේ සවස රැගෙනවිත් තිබේ.

බස් රථ 6කින් අදාළ පිරිස වව්නියාව යුධ හමුදා කඳවුරක් වෙත රැගෙන එනු ලැබු අතර, නිරෝධායනය වෙනුවෙන් අදාළ පිරිස රැගෙන ඒමත් සමඟ වව්නියාව ප්‍රදේශවාසීන් දැඩි ලෙස නොසන්සුන් වි ඇත.

Related posts

දයාසිරි ජයසේකරට මාලිමා ආණ්ඩුවෙන් ලෙඩක් දමයි.

Editor O

ගම්පහ ප්‍රදේශයේ පීඩාවට පත් ජනයාට රුපියල් 5000 දීමනාවක්

Mohamed Dilsad

ත්‍රිවිධ හමුදාවේ පොදුසමා කාලය අවසන්

Mohamed Dilsad

Leave a Comment