Trending Newsඑසැන පුවත්දේශීය

දයාසිරි ජයසේකරට මාලිමා ආණ්ඩුවෙන් ලෙඩක් දමයි.

දයාසිරි ජයසේකර මහතාගේ මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිලිලක් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා කථානායක වික්‍රමරත්න මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත.

අද (23) දිනයට අදාළ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් කථානායකවරයා විසින් මේ බව පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

එහිදී ඔහු නිවේදනය කර සිටියේ, ඉකුත් මැයි 20වනදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධව ලද පැමිණිලිලක් සැලිකිල්ලක් ගනිමින් මෙම ත්‍රිපුද්ගල කමිටුව පත්කළ බවයි.

ඒ අනුව අදාළ පැමිණිලිල සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ මෙම කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය නම්කර ඇත.

එහි සෙසු සාමාජිකයන් වන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාය.

Related posts

பசில் ராஜபக்ஷவுக்கு எதிரான மல்வானை காணி கொள்வனவு விவகார வழக்கு ஒத்திவைப்பு…

Mohamed Dilsad

16 சதவீதமான சிறார்கள் பல் மற்றும் பற்சிதைவிற்கு ஆளாகியுள்ளனர்

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

Leave a Comment