දේශීය

සියලු අධ්‍යාපන චාරිකා දැනුම් දෙන තුරු අත්හිටුවයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 ආසාදිතයෙකු වූ රෝගියෙකු මෙරටින් හඳුනාගැනීමත් සමඟ ඉදිරියේ දී ඇතිවිය හැකි කවර හෝ අවදානමෙන් ශ්‍රී ලාංකීය දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව , සියලු පාසල් අධ්‍යාපන හා ක්ෂේත්‍ර චාරිකා නතර කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ.

රටේ දරුවන් සම්බන්ධ ව වඩාත් සංවේදී ව කටයුතු කළ යුතු මොහොතක් බැවින් මෙම තීරණ ගෙන ඇති අතර, දරුවන් ඇතුළු සියලු දෙනාගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් නිසියාකාරව පිළිපදින ලෙසද අවධාරණය කරන අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා බව ද වැඩිදුරටත් දන්වා සිටියි.

Related posts

පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ ජාලයක්

Mohamed Dilsad

තැපැල් දෙපාර්තමේන්තුවෙන් සහන කාලයක්

Mohamed Dilsad

විදුලිබල මණ්ඩලයේ ප්‍රශ්න, විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියන්නේ ඇයි?

Editor O

Leave a Comment