දේශීය

මිලියන 6000 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරායට රැගෙන එයි

(UTV | කොළඹ) –  නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගනු ලැබූ මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් අද (05) පෙරවරුවේ දික්ඕවිට වරාය වෙත රැගෙන විත් තිබේ.

දකුණු මුහුදේ තිබී සොයාගත් මෙම යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 400 කට ආසන්න ප්‍රමාණයක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් සොයා ගැනීමට නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත් විය.

අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 6000 කි.

මෙහිදී ඉරාන සහ පකිස්ථාන ජාතකයින් ද ඇතුළත්ව සැකකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

සිරකරුවෙකු මියයාමේ සිද්ධිය : තිදෙනෙකුගේ වැඩ තහනම්

Mohamed Dilsad

අස්ථානගත වූ දුරකථන ගැන පැමිණිලි කිරීමට නව ක්‍රමවේදයක්

Mohamed Dilsad

ඇමෙරිකාවේ ගුවන් යානයක් කඩා වැටේ

Editor O

Leave a Comment