දේශීය

සිරකරුවෙකු මියයාමේ සිද්ධිය : තිදෙනෙකුගේ වැඩ තහනම්

(UTV | කොළඹ) – පසුගියදා කදුරුගස් ආර එළිමහන් සිරකඳවුරේ සිරකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සිර කඳවුරේ රාජකාරි කටයුතු සිදු කරනු ලබන නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනමකට ලක් කර තිබෙනවා.

අද (23) පස්වරුවේ අදාළ නිලධාරින්ගේ රාජකාරි කටයුතු තහනම් කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජේලර්වරයාගේ සහ තවත් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක නිවේදනය කළේ.

ඇඹිලිපිටිය – කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රඳවා සිටි සිරකරුවෙකු පහර දී මරා දමා ඇති බවට එම සිරකරුවාගේ ඥාතීන් චෝදනා කළා.

අදාළ සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගාල්ලේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක්.

අකුරැස්ස – කනංකේ, කන්දවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි හෙට්ටිගේ ලලිත් චමින්ද නමැති සැකකරු මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණේ 2010 වර්ෂයේ දී යි.

අදාළ සිද්ධියට වරදකරු වී බන්ධනාගාරගත වු පසුව සිය පියා බන්ධනාගාර නිලධාරීන්ගේ ජංගම දුරකථන හරහා නිවසට දුරකථන ඇමතුම් ලබා දුන් බවයි ඔහුගේ දියණිය සඳහන් කළේ.

ඊට අදාළව මුදල් ගනුදෙනු හුවමාරු වූ ආකාරය ද ඇය හෙළි කළා.

මේ පිළිබඳව අප කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක ප්‍රකාශ කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශ අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

Related posts

පොලිස් ස්ථානය තුළදී කොස්තාපල්වරයෙක් සියදිවි නසාගනී

Mohamed Dilsad

නව ආසාදිතයින් 211ක්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 214 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment