දේශීයප්‍රමුඛ පුවත 1

රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලිපි තැපෑලට

(UTV | කොළඹ) –  රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගැනීමට අදාළ පත්වීම් ලිපි අද (28) තැපෑලට යොමු කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය ප්‍රකාශ කර සිටී.

උපාධිධාරීන් 50,000 ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට සැලසුම් කර තිබුණත් අයදුම්පත් යොමු කර ඇත්තේ 40,000 ක් පමණක් බව එම අමාත්‍යංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගන්නා උපාධිධාරීන්ගෙන් 80 % ක්ම පාසල් සඳහා අනියුක්ත කරන බව ද ඒ මහතා අවධාරණය කළේය.

ජනාධිපති කාර්යාලය හරහා මේ කටයුතු සම්බන්ධීකරණය කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

ඇමති රන්ජන්ගේ කොකෙන් පරීක්ෂණ වාර්තාව එලියට.

Mohamed Dilsad

ටිල්වින් සිල්වාට ලන්ඩනයේදී දැඩි විරෝධයක්

Editor O

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය නිලධාරී අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment