දේශීය

CCTV ගැලවීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් පිරිසක් අද අධිකරණයට

(UTV | කොළඹ) – කැළණිය විශ්වවිද්‍යාලයේ CCTV කැමරා බලහත්කාරයෙන් ගලවා දැමු බවට අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් සිව්දෙනෙකු අද (28) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සිද්ධියට සැකපිට සිසුන් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

ඉන් 12 දෙනෙකු කිරිබත්ගොඩ පොලිසිය විසින් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර ඉතිරි සිසුන් සිව් දෙනා අද අධිකරණයට ඉදිරිපත් කෙරේ.

සිද්ධියට ඝෘජුවම සම්බන්ධ සෙසු සැකකරුවන් සිව්දෙනා අතර කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කොබෙයිතුඩුවේ සමිත හිමිද වේ.

 

Related posts

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

පාසල් විවෘත කිරීමට දින නියම කෙරේ

Mohamed Dilsad

එළබෙන සඳුදා සිට සියලු පාසල්වල 11,12,13 ශ්‍රේණි ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment