දේශීය

දිවයින පුරා වනජීවි නිලධාරින් වෘත්තිය ක්‍රියාමාර්ගයක

(UTV | කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා වනජීවි නිලධාරින් ඊයේ (20) පස්වරුවේ සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලී සිටන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.

රජයේ අනෙකුත් සේවකයන්ට වඩා පැය 350 කට අධික කාලයක් වනජීවි නිලධාරින් රාජකාරී කටයුතු සිදු කරන බවත්, ඒ සඳහා පැය 150 කට අදාල අමතර දිමනාවක් ගෙවන ලෙස විෂය භාර අමාත්‍යවරුන්ගෙන් සහ වනජීවි දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගෙන් අවස්ථා කිහිපයකදි ඉල්ලීම් කළද, ඒ සදහා නිසි ප්‍රතිචාරයක් නොලැබීම නිසා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එලඹි බව ඒ මහතා ප්‍රකාශ කළේය.

වන අලින්ගෙන් රාත්‍රි කාලයේදි මහජනතාවට සිදු වන හිරිහැර සම්බන්ධයෙන් වනජීවි නිලධාරින් ඊයේ සිට කිසිඳු මැදිහත්වීමක් සිදු නොකරන බවත්, තම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තම දෙපාර්තුමේන්තුවේ නිලධාරින් දැනුවත් කළ බව ද සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

විදුහල්පති පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

Mohamed Dilsad

ඇඳිරි නීතිය පැවතියත් නඩු සදහා පෙනී සිටින නීතිඥවරුන්ට බාධාවක් නැහැ

Mohamed Dilsad

අන්තර් ජාලයට වැරදි දේ දමන අය අල්ලන්න මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment