ගොසිප්

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න උත්සහ කරන එජාප ප්‍රබලයා

(UTV | කොළඹ) – එළඹෙන මහ මැතිවරණයේදී තමන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන එජාප ප්‍රබලයෙක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.

ඒ හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම සභානායකවරයාද වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ හේතුවෙන් කිරිඇල්ල මහතා මේ දින වල පක්ෂ නායකයාට ඉතා සමීපව සිටින බවද වාර්තා වේ.

2015 අගෝස්තු 17 වන දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ලක්ෂ 2කට ආසන්න මනාප ලබා ගනිමින් කිරිඇල්ල මහතා මහනුවර දිස්ත්‍රික්කයෙන් පළවෙනියා වූවද එළඹෙන මහ මැතිවරණයේදී ඔහුට එම දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කිරීම අසීරු වී ඇති බවද වාර්තා වේ.

Related posts

චීනය, කොළඹ පෞද්ගලික රෝහලක PCR බ්ලැක් ලිස්ට් කරයි

Mohamed Dilsad

දිවිනසා ගැනීම් ඉහළ යාමත් සමඟ ‘තනිකමටත් ‘ අමාත්‍යවරයෙක්

Mohamed Dilsad

ලේඩි ගගාගේ බලු පැටවුන් වෙනුවෙන් ඩොලර් 500,000 ක්

Mohamed Dilsad

Leave a Comment