දේශීය

මෙරට නිෂ්පාදිත ප්‍රථම ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ යාත්‍රාව දියඹට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ නවීන යාත්‍රාවක් අද(10) දියඹට මුදා හැරුණි.

සෝලාස් මැරීන් ලංකා ආයතනය මගින් මෙම යාත්‍රාව නිෂ්පාදනය කර තිබේ.

එම අවස්ථාවේ යාත්‍රාවේ සිදු කරනු ලැබූ පරීක්‍ෂණ චාරිකාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා සහභාගී විය.

මෙම අති නවීන ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ යාත්‍රාව දිග මීටර 17.91ක් සහ පළල 6.91 වන අතර පැයට මුහුදු සැතපුම් 35ක වේගයෙන් යාත්‍රා කිරීමේ හැකියාවක් මෙම යාත්‍රාව සතුව පවතී.

තවද ගිණි නිවීම සඳහා අති නවීන තාක්‍ෂණයෙන් යුත් අධි පීඩන වතුර විදිනයන් ‍දෙකක්ද මෙම යාත්‍රවේ ස්ථාපිත කර ඇත.

එසේම තවත් නවීන අංග උපාංගයන් රැසකින් මෙම යාත්‍රාව සමන්විත වේ.

මෙවැනි යාත්‍රා නිෂ්පාදනය කර විදේශ රටවල් සඳහා අලෙවි කිරීමෙන් ඉතා ඉහළ ආර්ථික වාසි මෙරටට ලබා ගැනීමේ හැකියාවක් පවති.

Related posts

කොළඹ වරාය නගරයට අදාළ පෙත්සම් විභාගය හෙටට කල්යයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

Mohamed Dilsad

සමෘද්ධිලාභීන්ට ආහාර හිමිකම් පතක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment