දේශීය

තරුණ පාර්ලිමේන්තුව සඳහා නාමයෝජනා බාර ගැනීම ඇරඹේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුව සඳහා නාමයෝජනා භාරගැනීම හෙට (11) සහ අනිද්දා (12)සිදුකරන බව ජාතික තරුණ සේවා සභාව පවසයි.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල එම නාම යෝජනා භාරගැනීමේ කටයුතු සිදුකෙරේ.

මේ පිළිබඳ විමසීම සඳහා 011 2 842 774 යන දුරකතන අංකය ඔස්සේ කරුණු විමසිය හැකිය.

ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ මැතිවරණය ලබන 22වනදා පැවැත්වීමට නියමිත අතර මේ සඳහා තරුණ කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තු මැතිවරණය සංවිධානය කරනු ලබයි.

Related posts

පාන් පිටි මිලත් ඉහළට

Mohamed Dilsad

අර්ජුන මහේන්ද්‍රන් ගැන වාර්තාව අද හෝ හෙට

Mohamed Dilsad

දුරදිග ගිය ආරවුලකින් පුද්ගලයකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment