දේශීය

තරුණ පාර්ලිමේන්තුව සඳහා නාමයෝජනා බාර ගැනීම ඇරඹේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුව සඳහා නාමයෝජනා භාරගැනීම හෙට (11) සහ අනිද්දා (12)සිදුකරන බව ජාතික තරුණ සේවා සභාව පවසයි.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල එම නාම යෝජනා භාරගැනීමේ කටයුතු සිදුකෙරේ.

මේ පිළිබඳ විමසීම සඳහා 011 2 842 774 යන දුරකතන අංකය ඔස්සේ කරුණු විමසිය හැකිය.

ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ මැතිවරණය ලබන 22වනදා පැවැත්වීමට නියමිත අතර මේ සඳහා තරුණ කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තු මැතිවරණය සංවිධානය කරනු ලබයි.

Related posts

බස්නාහිර මෙහෙයුමකින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

Mohamed Dilsad

අදත් 175 දෙනෙකුට පුර්ණ සුවය

Mohamed Dilsad

ජපානයේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයන් බඳවා ගැනීම අඛණ්ඩව

Mohamed Dilsad

Leave a Comment