දේශීය

කොළඹ රථවාහන වේගය පැයට කිලෝමීටර් 5 දක්වා අවම කිරීමේ තීරණයක්

(UTV | කොළඹ) –  කොළඹ නගරය තුළ පවතින අධික රථවාහන තදබදය හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළ රථවාහන වේගය පැයට කිලෝමීටර් 5 දක්වා අවම කිරීමට පියවර ගනු ඇති බව වාර්තා වෙයි.

දැනට එම වේගය පවතින්නේ පැයට කිලෝමීටර් 7 – 8 ත් අතර අගයකයි.

කොළඹ රථවාහන තදබදයට විසදුමක් ලෙස දුම්රිය සේවාව විධිමත් කර පවත්වාගෙන යාම කෙරෙහි ද ප්‍රවාහන අමාත්‍යංශයේ අවධාණය යොමුව තිබේ.

ශ්‍රී ලංකාවට වාර්ෂිකව ආනයනය කෙරෙන හා මාර්ගවල ධාවනය කෙරෙන වාහන සංඛ්‍යාව 10 % කින් ඉහළ ගියද මාර්ග පුළුල්වීම සිදුවී ඇත්තේ 3% කින් පමණක් බව අනාවරණ වී ඇත.

ඉදිරියේදී දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහනය නැවත ආරම්භ කිරීමටත් එමගින් බවුසර් නිසා මාර්ගවල ඇතිවන තදබදය අවම කිරීමටත් පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Related posts

ඇමෙරිකා තීරු බදු අද සිට ක්‍රියාත්මකයි

Editor O

ආහාර ද්‍රව්‍ය කිහිපයක් මත විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක්

Mohamed Dilsad

රූමි මොහොමඩ් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment