දේශීය

ශ්‍රී රංගා කළකට පසු කරළියට! පාපන්දු සම්මේලනයේ ලොකු පුටුවත් අල්ලයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය අද (14) දහවල් ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

 

එහිදී මනාප 27ක් ලබාගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ මාධ්‍යවේදියෙකු වූ ශ්‍රී රංගා, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස තේරී පත්වී තිබෙනවා.

 

අනිත් අපේක්ෂකයා වූ ජගත් රෝහණ ලබාගෙන තිබුණේ මනාප 24ක් පමණයි.

 

පාපන්දු ලීග 56ක් ඡන්දය ප්‍රකාශයට පත් කිරීමට සුදුසුකම් ලබා තිබූ බවයි වාර්තා වන්නේ.

 

ඡන්දයෙන් පත්වූ නව නිලධාරී මණ්ඩලය මාස 05ක කාලයක් සඳහා එම ධූරවල කටයුතු කරනු ඇති අතර මේ වසරේ මැයි 31ට පෙර නැවතත් නිල නිලවරණය පැවැත්වීමට නියමිතයි.

Related posts

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට

Mohamed Dilsad

වෘත්තීය සමිති සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට රජය සූදානම්

Mohamed Dilsad

කොළඹ වැඩිහිටි නිවාසවල නේවාසිකයන්ට සතියක් තුළ කොවිඩ් එන්නත

Mohamed Dilsad

Leave a Comment