දේශීය

ශ්‍රී රංගා කළකට පසු කරළියට! පාපන්දු සම්මේලනයේ ලොකු පුටුවත් අල්ලයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය අද (14) දහවල් ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

 

එහිදී මනාප 27ක් ලබාගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ මාධ්‍යවේදියෙකු වූ ශ්‍රී රංගා, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස තේරී පත්වී තිබෙනවා.

 

අනිත් අපේක්ෂකයා වූ ජගත් රෝහණ ලබාගෙන තිබුණේ මනාප 24ක් පමණයි.

 

පාපන්දු ලීග 56ක් ඡන්දය ප්‍රකාශයට පත් කිරීමට සුදුසුකම් ලබා තිබූ බවයි වාර්තා වන්නේ.

 

ඡන්දයෙන් පත්වූ නව නිලධාරී මණ්ඩලය මාස 05ක කාලයක් සඳහා එම ධූරවල කටයුතු කරනු ඇති අතර මේ වසරේ මැයි 31ට පෙර නැවතත් නිල නිලවරණය පැවැත්වීමට නියමිතයි.

Related posts

කොරෝනා මාර්ගෝපදේශනවල වෙනසක්

Mohamed Dilsad

සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරුයි. පොලීසිය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහතික වෙයි. හදිසියක් නම් 1997 අමතන්න

Editor O

සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඇප තියයි.

Editor O

Leave a Comment