විදෙස්

කෝබි බ්‍රයන්ගේ අනතුර පිළිබඳ විශේෂ විමර්ශනයක්

(UTV | කොළඹ) – මියගිය සුප්‍රකට පැසිපන්දු ක්‍රීඩක කෝබි බ්‍රයන්ට්ට මරු කැඳවූ හෙලිකොප්ටර් යානා අනතුර පිළිබඳ විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

විමර්ශන අතරතුර අනතුර සිදුවන අවස්ථාවේදී පැවැති කාලගුණික තත්ත්වය හා හෙලිකොප්ටරයේ ක්‍රියාකාරිත්ව පිලිබද වැඩි අවධානය යොමුකරන බවත් මේ සදහා හෙලිකොප්ටර් යානාවේ නිෂ්පාදිත ආයතනයේ සහාය පවා ලබාගන්නා බවත් විමර්ශන කණ්ඩායම් පවසයි.

තවද ඔහු වෙනුවෙන් විශේෂ සමරු උත්සවයක් ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වූ අතර ඔහු සිහිපත් කරමින් ස්ථාන රැසක සමරු උත්සවද පවත්වා ඇත.

මේ සඳහා ඔහුගේ රසිකයන් විශාල පිරිසක්ද එක්ව සිටියේය.

ඔහු මියයන විට 41 හැවිරිදි වියේ පසුවූ අතර ඔහුගේ 13 හැවරිදි දියණියත් මෙම අනතුරින් මිය ගියේය.

Related posts

බෝයිං 737 තවත් ගුවන් යානයක් හදිසි ගොඩබැමකට…

Mohamed Dilsad

ඉන්දියාවේ භූමිකම්පාවක්…

Editor O

රිෂාබ් පාන්ට්ගේ රිය අනතුරේ දර්ශන මාධ්‍ය වෙත නිකුත් වෙයි (VIDEO)

Mohamed Dilsad

Leave a Comment