විදෙස්

පැසි පන්දු ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට් ජිවිතක්ෂයට පත්වේ

(UTV | ඇමරිකා) – හෙලිකොප්ටර් යානා අනතුරකින් ඇමරිකානු ජාතික පැසි පන්දු ක්‍රීඩකයෙක් වන කෝබේ බ්‍රයන්ට් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරෙන් මියයන විට ඔහු 41 වන වියේ පසු වූ අතර එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කැලබාසස් හි දී මෙම අනතුර සිදුව ඇත.

කෝබි බ්‍රයන් 13 හැවිරිදි තම දියණිය සහභාගිවීමට නියමිතව තිබූ බාස්කට් බෝල් තරඟයකට සහභාගිවීමට යන අතරතුර මෙම අනතුර සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට අනතුර සිදුවන අවස්ථාවේ බ්‍රයන්ට්ගේ දියණිය සහ බේස් බෝල් පුහුණුකරුවෙකු වන ජෝන් අල්ටොබෙලි, ඔහුගේ බිරිඳ සහ දියණිය වන ජියානා එම යානයේ සිට ඇත.

Related posts

බෝම්බයකට හසුව නයිජීරියාවේ සරණාගතයින් 100 දෙනෙකු මරුට

Mohamed Dilsad

බංගලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනාට මරණ දඬුවම

Editor O

ප්‍රංශ ජනාධිපති ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment