දේශීය

කරූට එජාප නායකත්වය දීම පිළිබදව අවසන් තීන්දුවක් නැහැ

(UTV | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කථානායකවරයාට ලබාදීම සම්බන්ධයෙන් රනිල් පාර්ශවය සහ සජිත් පාර්ශවය අතර මේ දක්වා එකඟතාවකට පැමිණ නොමැති බව වාර්තා වෙයි.

කරු ජයසූරියට පක්ෂ නායකත්වයත්, එක්සත් ජාතික පෙරමුණේ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමටත් කර ඇති යෝජනාව පිළිබදව තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු අතර සාකච්ඡාවක් ඊයේ (21) දිනයේ ද පැවති අතර , එහිදී ඇතැම් මන්ත්‍රීවරුන් එම යෝජනාවට කැමැත්ත පළ කර ඇති අතර ඇතැමුන් ඊට විරෝධය පළ කර ඇති බව ද වාර්තා වෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පාර්ශවය පක්ෂ නායකත්වය තවදුරටත් නොලැබෙන්නේ නම් ගත යුතු විකල්ප ක්‍රියාමාර්ගය පිළිබදව අවදානය යොමු කර තිබේ.

Related posts

සාමාන්‍ය පෙළ විභාගය ගැන දැනුම්දීමක්

Editor O

අගමැති ධූරය සජිත් ප්‍රේමදාස මහතාට දෙන්න කැමතියි – එජාප, කැස්බෑව ආසන සංවිධායක සමන් රත්නප්‍රිය

Editor O

වැඩිහිටියන් සහ ළමයි අතර පිළිකා ඉහළට

Editor O

Leave a Comment