දේශීය

හිටපු ජනපති හා අගමැතිට විරෝධතා ගොනුකිරීම මාර්තු 6 දක්වා

(UTV | කොළඹ) –  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට විරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය කල් ලබා දුන්නේය.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ජාතික තව්හිත් ජමාත් සංවිධානය විසින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කළ බවට චෝදනා කර ඇති පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙසට මෙම මහත්වරුන් නම්කර තිබේ.

අදාළ පෙත්සම් අද (20) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීන් මෙම විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

ඒ අනුව විරෝධතා තිබේ නම් ඒවා මාර්තු මස 06 වනදා ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

අනතුරුව පෙත්සම් විභාගය මැයි මස 12, 13 සහ 14 යන දිනවලට කල් තැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයා තවදුරටත් පෙනී සිටීමක් නොකරන බවයි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍ය වරයා වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරු දෙදෙනෙකු අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

Related posts

නාවික හමුදාවේ 71 වන සංවත්සරය

Mohamed Dilsad

සරසවි යළි විවෘත කිරීම ගැන දැනුම් දීමක්

Mohamed Dilsad

පාසල් නැවත අරඹන්න වෛද්‍යවරුන්ගේ සහාය ගන්න – අගමැති

Mohamed Dilsad

Leave a Comment