දේශීය

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගෙන් පැය 3 ක ප්‍රකාශයක්

(UTV | කොළඹ) –  රන්ජන් රාමනායක සමග දුරකථන සංවාදයේ යෙදුනු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය පැය 03 කට අධික කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

මෙම ප්‍රකාශ සටහන් කර ගැනුනේ රන්ජන් රාමනායක මහතා සමග දුරකථන සංවාදයේ යෙදුනු බව කියන විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට කර තිබු නියෝගයකට අනුවයි .

අපරාධ කොට්ඨාශය කළ දැනුම්දීමකට අනුව මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතා ඊයේ (19) පෙරවරු 10.00 ට පමණ එහි පෙනී සිටි අතර පස්වරු 1.00 පමණ දක්වා අදාල ප්‍රකාශය සටහන් කරගනු ලැබීය.

රන්ජන් රාමනායක මහතා දුරකථන සංවාදයේ යෙදුනු බව කියන විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණි එන් රණවක මහත්මියගෙන් හා වැඩතහනමට ලක්ව සිටින බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යන මහත්වරුන්ගෙන්ද කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇත.

Related posts

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

Editor O

මැදපෙරදිග, චීන සහ ඉන්දීය තානාපතිවරු, මහ කොමසාරිස්වරු ජනපති හමුවෙති …

Mohamed Dilsad

කළුතර මහ රෝහලෙන් සායන සඳහා දුරකථන සේවාවක්

Mohamed Dilsad

Leave a Comment