දේශීය

රිය අනතුරින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අද (25) අලුයම සිදු වූ රිය අනතුරකින් මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ කටුනායක අධිවේගයේ R 11.1 කිලෝමීටර් කණුව අසල දීය.

මෙම අනතුර සිදුව ඇත්තේ අලුයම 1.30ට පමණ සිදුව තිබේ.

කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ ඒ මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගි රථය, ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටී තිබූ බව පොලීසිය පැවසුවේය.

අනතුරුව එම රථය ආරක්ෂක වැටේ ගැටී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ එම රථයේ රියදුරා රාගම රෝහලට ඇතුළු කෙරිණි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පැවසීය.

Related posts

රන්ජන් සමග සෙල්ෆි ගැසීමට ඉඩදුන්නනාට ජේලර්වරයාගේ වැඩතහනම්

Mohamed Dilsad

විදුලි ඉල්ලුම සපුරා ගැනීම සඳහා අතිරේක විදුලිය මිලදී ගැනීමේ සූදානමක්

Mohamed Dilsad

හෙට සිට පැයක් විදුලිය කැපෙයි

Mohamed Dilsad

Leave a Comment