දේශීය

පාසල් 47ක පළමු පාසල් වාරය අදින් ඇරඹෙයි

(UTV | කොළඹ) –  අධ්‍යායන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු සඳහා යොදා ගැනුණු පාසල්වල පළමු පාසල් වාරය අද (06) ආරම්භ විය.

පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු පසුගිය මස 26 වනදා ආරම්භ කර පෙරේදා දිනයෙන් අවසන් කෙරුණු අතර , ඒ සඳහා දිවයින පුරා පාසල් 84 ක් යොදා ගැනුණු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් එම පාසල් අතරින් පාසල් 37 ක පළමු වාරයේ අධ්‍යයන කටයුතු පසුගිය 02 වනදා ආරම්භ කෙරුණි.

ඒ අනුව සෙසු පාසල් 47 පළමු වාරය සඳහා අද ආරම්භ කෙරෙන බව විභාග කොමසාරිස් ජනරල් සනත් පූජිත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

”උදෑසනට හොඳින් කතා කළත් හවසට බෝම්බ හෙළනවා” – රුසියාව ගැන ට්‍රම්ප් කියයි

Editor O

වනජීවින්ට හා රක්ෂිත වලට හානි කරන්නන්ට දැඩි දඩුවම්

Mohamed Dilsad

ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට

Editor O

Leave a Comment