ක්‍රීඩා

රොබට් මොරෙනෝ තම ධූරයේ වැඩ අරඹයි

(UTV | ස්පාඤ්ඤ) – පසුගිය දා මොනාකෝ පාපන්දු කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු රොබට් මොරෙනෝ සිය කණ්ඩායම සමඟ එම ධුරයේ කටයුතු ආරම්භ කළේය.

ඒ පුහුණු සැසියකට එක් වෙමිනි.

පසුගිය දෙසැම්බර් 28 වැනිදා 42 හැවිරිදි වියේ පසුවන රොබට් මොරෙනෝ මොනාකෝ පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණි.

මොරෙනෝ පාපන්දු කණ්ඩායම සමඟ පුහුණු සැසියකට එක් වෙමින් ඔහු පසුගියදා සිය ධූරයේ කටයුතු ආරම්භ කළේය.

කණ්ඩායමේ සිටින තරුණ ක්‍රීඩකයන් නිවැරදි පුහුණුකාරිත්වය යටතේ දක්ෂ ක්‍රීඩකයන් බවට පත් කළ හැකි බව අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රධාන පුහුණුකරු මොරෙනෝ සඳහන් කළේය.

පුහුණුකරුවෙකු ලෙස තමන්ට අවශ්‍ය වන්නේ සියලුම තරඟ ජයග්‍රාහණය කිරීම බවත් ප්‍රතිවාදී කණ්ඩායම කුමක් වුවත් සිය කණ්ඩායමට විශාල කාලයක් නොමැති බවත් ප්‍රධාන පුහුණුකරු රොබට් මෙරෙනෝ එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

රංගන හේරත් ජාත්‍යන්තර පිටියට සමුදීමට සුදානම්

Mohamed Dilsad

දිමුත් කරුණාරත්න 11 වෙනි ටෙස්ට් ශතකය වාර්තා කරයි

Mohamed Dilsad

උපුල් තරංග විශේෂ පොලිස් ඒකකය හමුවට

Mohamed Dilsad

Leave a Comment