ප්‍රමුඛ පුවත 1

නව රියදුරු බලපත්‍රය නිකුත් කිරීමට අදාළව සිදුව ඇති වංචාවන් සෙවීමට කොමිසමක්

 

(UTV | කොළඹ) –  නව රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුවේ සිදුව ඇතැයි පැවසෙන වංචාවන් සෙවීමට ස්වාධීන කොමිසමක් පත්කිරීමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අදාළ ක්‍රියාවලිය හදුන්වාදුන් අතර , එම රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා පරිඝනක පද්ධතියක් සහ තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීම, ගිවිසුම් කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම හා එම පද්ධතිය දෙපාර්තමේන්තුවට අත්පත් කර ගැනීම යන කාරණයට අදාළව පෞද්ගලික සමාගමකට කොන්ත්‍රාත්තුව ලබාදී තිබුණි.

අදාළ සමාගම ගිවිසුම්ගත කාලය තුළ ගිවිසුම පරිදි කටයුතු කිරීමට නොහැකිවීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 400කට අධික මුදලක් අහිමි වී ඇති බව වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් ස්ථානාධිපතිට අල්ලස් දුන් අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අලි රොෂාන් නඩුවේ විරෝධතාවය අධිකරණය පිළිගනී

Mohamed Dilsad

රටේ සාමය සහජීවනය රකින අපේක්‍ෂකයෙකුට සහය – ඇමති රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

Leave a Comment