ප්‍රමුඛ පුවත 1

පොලිස් ස්ථානාධිපතිට අල්ලස් දුන් අයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට අල්ලස් මුදලක් ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ මෙම පුද්ගලයා විසින් රුපියල් 25,000ක අල්ලස් මුදල ලබාදීමට සූදානම් වූ අවස්ථාවේදී වැලිකඩ පොලීසිය තුළ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ නාවල ප්‍රදේශයේ පිහිටි ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් පුදගලයින් 5 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලා මෙම පුද්ගලයා අදාළ අල්ලස් මුදල ලබාදීමට සූදානම් වී ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රයන් වැන්රෝයන් 02 වනදා තෙක් රිමාන්ඩ් භාරයට.

Mohamed Dilsad

නව රජය කිසිඳු දේශපාලන පලිගැනීමක් සිදුකර නැහැ [VIDEO]

Mohamed Dilsad

කාසල්රි ජලාශයද වාන් දමයි

Mohamed Dilsad

Leave a Comment