ප්‍රමුඛ පුවත 1

ඉන්ෆ්ලුවන්සා වෛරසය ආසාධනය වූවන් ඉහළට

 

(UTV | කොළඹ) –  මේ දිනවල දිවයිනේ දිස්ත්‍රික්ක කීපයකට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ඉන්ෆ්ලුවන්සා වෛරස් රෝගී තත්ත්වය පිළීබඳව වැඩි අවධානය යොමු කළ යුතු බවත් , මෙම රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අගවයි.

විශේෂයෙන් ගර්භණී මව්වරුන්, වයස අවුරුදු දෙකට අඩු දරුවන්, වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්, ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයින්, නිදන්ගත හෘද, අක්මා, වකුගඩු, දියවැඩියා, පිළිකා වැනි රෝගවලින් පෙලෙන්නන් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

එවැනි පුද්ගලයින් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී තත්ත්වයන් හටගත් වහාම කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වෙයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්තවාදී සහරාන්ගේ බිරිදගෙන් රහස් ප්‍රකාශයක්

Mohamed Dilsad

විමල් වීරවංශට ඇප ලබාදීම සම්බන්ධයෙන් තීරණය අද

Mohamed Dilsad

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනයේ තවත් තොරතුරු හෙළි වෙයි

Mohamed Dilsad

Leave a Comment