ප්‍රමුඛ පුවත 1

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනයේ තවත් තොරතුරු හෙළි වෙයි

(UTV| කොළඹ) – රත්ගම,බුස්සේ දී ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කොට වළස්මුල්ල ප්‍රදේශයට රැගෙන ගිය බව කියන කැබ් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගනී.

මෙම කැබ් රථය අක්මීමන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් කැබ් රථයක් බව පොලිසිය පවසයි.

අදාළ ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු පිළිබඳව පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් 15 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පසුගියදා පොලිස්පතිවරයා නියෝග කළේය.

කෙසේවෙතත් එම නිලධාරින් 15 දෙනාගෙන් හය දෙනෙකු පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාවනැල්ලේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 14ක් යලි රිමාන්ඩ්

Mohamed Dilsad

ෆවුසිව පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපයි

Mohamed Dilsad

ඇමැති අකිලට එරෙහි පැමිණිල්ල විමර්ශනය කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment