ප්‍රමුඛ පුවත 1

හිටපු ජනපතිට එරෙහිව නොතීසි නිකුත් කරයි [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරුණු රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ චූදිත ජූඩ් ශ්‍රමන්ත ඇන්තනීට පැණවු විදෙස් ගමන් තහනම අද යළි දීර්ඝ කෙරුණා.ඒ ලබන වසරේ ජූනි පළමුවනදා දක්වායි.

රෝයල් පාක් මිනීමැරුම් නඩුවේ මරණ දඩුවම නියම වී සිටි ජූඩ් ජයමහ නැමැත්තාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සමාව ලබාදීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.  

2020 වසරේ මැයි 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නොතීසි නිකුත් කරනු ලැබුවේය.

ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගෙන් මෙම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සමන්විත වෙයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට ජනාධිපති ධුරයේ කටයුතු නොකරන බැවින් ඔහු මෙම පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර අවසර ලබාදුන්නේය.

එමෙන්ම ජුඩ් ශ්‍රමන්ත ජයමාන්න නැමැත්තාට විදේශගත වීම වළක්වාලමින් පනවා තිබෙන නියෝගය ජුනි මස 01 වනදා දක්වා දීර්ඝ කිරීමට ද අධිකරණය විසින් නියෝග කරනු ලැබුවේය.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ කාන්තා මාධ්‍ය එකමුතුව නමැති සංවිධානයක් විසින්.

පෙත්සම්කාර සංවිධානය කියා සිටින්නේ මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවෙකුට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයාට බලය තිබුණත් බරපතල අපරාධ සිද්ධිය සම්බන්ධයෙන් දඬුවම් ලබා සිටින ජූඩ් ශ්‍රමන්ත වැනි විත්තිකරුවෙකුට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීතියට පටහැනි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුවේ විරෝධතාවයක්..

Mohamed Dilsad

ජනපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබදව විශේෂ තීරණයක්

Mohamed Dilsad

2019 පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද (08)

Mohamed Dilsad

Leave a Comment