ප්‍රමුඛ පුවත 1

2020 වසරට පාසල් පෙළ පොත් පළමු දිනයේදීම ලබාදීමට උපදෙස්

(UTV | කොළඹ) – 2020 වසර සඳහා පාසල් පෙළ පොත් පළමු පාසල් වාරයේ පළමු දිනයේම සිසුන්ට ලබාදීමට කටයුතු කරන්න ලෙස අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා විසින් පාසල් ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වනවිට සිසුන් 1500ට වැඩි  සියලු පාසල්වලට අධ්‍යාපන අමාත්‍යාංශය විසින්  සෘජුව ම බෙදා දී ඇති බවයි.

තවද අනෙකුත් සියලු පාසල් සඳහා අදාළ පෙළපොත් කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සහ පර්ෂද පාසල් මධ්‍යස්ථානවලට ලබා දී ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

පෙළ පොත් ඌනතා පිළිබඳ කිසියම් ගැටළුවක් ඇත්නම් 0112784815 යන දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන ලෙස අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා සියලු විදුහල් ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා පිලිබඳ දැනගැනීමට දුරකථන අංක 2ක් [PRESS RELEASE]

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට ඉල්ලීමක්

Mohamed Dilsad

අමිත් වීරසිංහ අනුරාධපුර බන්ධනාගාරය තුළ උපවාසයේ

Mohamed Dilsad

Leave a Comment