ප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසමෙන් පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට ඉල්ලීමක්

(UTV| කොළඹ) –  සිසුන්ට ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි ඡන්ද විමසීම් දිනයේදී දේශන හා විභාග ආදිය සැලසුම් කරන ලෙස මැතිවරණ කොමිසම පෞද්ගලික අධ්‍යාපන ආයතන වලින් ඉල්ලීමක් කරයි.

ඡන්ද විමසීම පැවැත්වෙන දිස්ත්‍රික්කවල පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඡන්ද විමසීම් දිනයේදී පැවැත්වෙන විභාග හා දේශන හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අවකාශ නොලැබෙන බවට තොරතුරු වාර්තා වී ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඡන්ද විමසීම පැවත්වෙන දින දේශන හා විභාග සැලසුම් කිරීමේදී වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසම පෞද්ගලික අධ්‍යාපන ආයතන ප්‍රධානීන්ගෙන් හා පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යාපනය නගරාධිපති ධුරයට දෙමළ ජාතික සන්ධාන නියෝජිතයෙක්

Mohamed Dilsad

ඇතින්නියන්ගේ මරණයට හේතුව හෙළි වේ

Mohamed Dilsad

තම දියණිය දුෂණය කල පියාට වසර 60ක සිර දඬුවමක්

Mohamed Dilsad

Leave a Comment