ප්‍රමුඛ පුවත 1

අමිත් වීරසිංහ අනුරාධපුර බන්ධනාගාරය තුළ උපවාසයේ

(UTV|මහනුවර) – මහනුවර ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ මහතා ඔහු රඳවා තිබෙන අනුරාධපුර බන්ධනාගාරය තුළ ආහාර ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් උපවාසයක් ආරම්භ කර තිබේ.

බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පැවසුවේ ඊයේ (12) සිට ඔහු මෙම උපවාසය ආරම්භ කර ඇත්තේ තමන්ම නිදහස් කරන ලෙස ඉල්ලමින් බවයි.

මාර්තු මාසයේදී දිගන අවට සිදුවූ සිදුවීම්වලට සම්බන්ධව තෙල්දෙණිය පොලිසියේ අපරාධ අංශය මඟින් ගොනු කර තිබුණු නඩු අංක බී – 1445/2017 නඩුවේ පස්වැනි සැකකාර හා නඩු අංක බී – 260/2018 නඩුවේ අටවැනි සැකකාර මහ සොහොන් බළකායේ නායක අමිත් වීරසිංහට මහනුවර මහාධිකරණයෙන් ලබාදුන් ඇප නියෝග තෙල්දෙණිය අධිකරණයේදී ප්‍රකාශයට පත් කරමින් තෙල්දෙණිය මහෙස්ත්‍රාත් දිසා විනිසුරු ශානක කලන්සූරිය මහතා එම සැකකරු දැඩි කොන්දේසි දහයක් මත පසුගිය 09 වැනිදා මුදා හැරීමට නියෝග කළේය.

කෙසේ වෙතත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙන නඩු අංක බී – 295/2018 නඩුවේ පළමු වැනි සැකකරු වන මහ සොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ යළිත් ජූලි 20 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇති බැවින් ඔහු එදින අනුරාධපුර රක්‍ෂිත බන්ධනාගාරය වෙත දැඩි ආරක්‍ෂාව යටතේ රැගෙන ගියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පක්‍ෂ ලේකම්වරු සහ නිලධාරීන් අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

පොලිස් ඇඳිරි නීතිය ඉවතට.සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව

Mohamed Dilsad

ත්‍රස්තවාදී සහරාන් ජිවිතක්ෂයට පත් වූ බව DNA පරීක්ෂණයෙන් තහවුරු වේ.

Mohamed Dilsad

Leave a Comment