ප්‍රමුඛ පුවත 1

මෙරට ඉතිහාසයේ සිදුවූ බිහිසුණුම ගුවන් අනතුරට අදට වසර 45යි

 (UTV | කොළඹ) – ශ්‍රි ලංකාවේ සිදු වු බිහිසුණුම ගුවන් අනතුර සිදු වි අදට වසර 45 ක් සපිරෙයි.

1974 වසරේ අද (04) වැනි දවසක මක්කම බලා පියාසර කරමින් තිබු ඕලන්ද රාජ්‍යයට අයත් මාර්ටින් එයාර් ඩිසි 08 ගුවන් යානය සප්ත කන්‍යා කන්දේ ගැටී අනතුරට පත් වුණි.

එහි ගමන් ගත් 191 දෙනෙකු ජිවිතක්ෂයට පත් වි තිබුණු අතර මෙය ඉන්දුනිසියාවේ සුරවෙයාර් ගුවන්තොටුපලින් වන්දනාකරුවන් 182 ක් සහ කාර්යය මණ්ඩලයේ 9 දෙනෙකු රැගෙන මක්කම බලා පියාසර කරමින් තිබුණි.

අනතුරට පත් ගුවන් යානයේ ඉදිරිපස රෝදයක් දැනට නෝටන්බ්‍රිජ් පොලිසිය ඉදිරිපිට විමලසුරෙන්ද්‍ර ජලාශ වේල්ල අසල සිහිවටනයක් සේ තබා ඇත.

ගුවන් අනතුරෙන් මිය ගිය ගුවන් යානයේ ගමන් ගත් කාර්යය මණ්ඩලයේ 9 දෙනාගේ නම් එම සිහිවටනය අසල සඳහන් කර ස්මාරකයක් ද තනා ඇති බව සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තද වැසි තත්වය තවදුරටත්

Mohamed Dilsad

කොළඹ අහසේ දූවිලි අංශු ඉහළ යයි

Mohamed Dilsad

මහජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්…

Mohamed Dilsad

Leave a Comment