ප්‍රමුඛ පුවත 1

වලපනේ නායයෑමට හේතු වූ ගල් කොරියේ බලපත්‍රය අහෝසි කිරීමට පියවර

 

(UTV | කොළඹ) –  වලපනේ – මලපට්ටාව ප්‍රදේශයේ නායයෑම සිදුවූ ස්ථානයට නුදුරින් පිහිටි ගල් කොරිය පවත්වාගෙන යෑමට නිකුත් කළ බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර සඳහන් කරයි.

මෙම නායයෑමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර , මේ හේතුවෙන් වලපනේ – මහනුවර ප්‍රධාන මාර්ගය නාරම්තලාව ප්‍රදේශයෙන් අවහිර කරමින් භික්ෂූන් වහන්සේ කිහිප නමක් ඊයේ (03) සත්‍යග්‍රහයකද නිරත විය.

යළි මෙම ගල් කොරිය ආරම්භ කරන්නේ නම් ඉහළ මට්ටමේ තාක්ෂණික පර්යේෂණයක් සිදුකරන ලෙස භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට තමන් දැනුම්දුන් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

මෙම නායයෑමෙන් අතුරුදන්වූ 17 හැවිරිදි සිසුවාගේ සිරුර සොයා දින 03 ක් මෙහෙයුම් සිදුකළ අතර, ඊයේ එම කටයුතු අතහැර දැමුවේ පවුලේ ඥාතීන්ගේ ද ලිඛිත එකඟත්වය මතයි.

ප්‍රදේශයට පවතින අධික වර්ෂව නිසා සෙවීම් කටයුතු සිදු කිරීම ඉතා අපහසු බව නිරීක්ෂණ කටයුතුවල නිරත නිළධාරීන් සදහන්කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුභග ශිෂ්‍යත්ව ප්‍රදානය අද අගමැති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ඊයේ කොවිඩ් මරණ 48-ආසාදිතයින්1688යි

Mohamed Dilsad

ගංවතුරෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට යුධ හමුදාවේ සහය

Mohamed Dilsad

Leave a Comment