ප්‍රමුඛ පුවත 1

මාවනැල්ල බුදු පිළිම සිද්ධියේ සැකකරුවන් නැවතත් රිමාන්ඩ් [VIDEO]

(UTV | කොළඹ) – මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන් 14 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

ඒ අනුව ඔවුන් ලබන මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා නියෝග කර තිබේ.

මෙම සැකකරුවන් 14 දෙනා පසුගිය ජනවාරි මස දෙවනදා හෝ ඊට ආසන්න දිනක දී මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බුදු පිළිමවලට හානි සිදු කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී අත්අඩංගුවට ගත් අතර කාන්තාවන් තිදෙනෙකු ද ඒ අතරවන බව සඳහන් වේ.

අධිකරණය විසින් නඩුව අද (28) කැඳවූ අවස්ථාවේ සැකකරුවන්ගේ ජංගම දුරකතන වල සිම්කාඩ් පත් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීමට ද අවසර දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යාපනය බන්ධනාගාර රැදවියන් පිරිසක් ආහාර වර්ජනයක

Mohamed Dilsad

මූල්‍ය වෙළඳපොලේ වංචා වැළැක්වීමට විශේෂඥ මණ්ඩලයක්

Mohamed Dilsad

මීල සුත්‍රයට අනුව ඉන්ධන මීල වැඩි වෙයි !

Mohamed Dilsad

Leave a Comment