ක්‍රීඩා

ටෙස්ට් තරඟ නරඹන්නන් ගෙන්වා ගැනීම අසීරු බවට ටෝෆල්ගෙන් ප්‍රකාශයක්

 

(UTV | කොළඹ) – හිටපු ජාත්‍යන්තර විනිසුරුවකු වන සයිමන් ටෝෆල්ගේ කුලුඳුල් කෘතිය පසුගිය දිනක ඉන්දියාවේ දිල්ලි නුවර දී එළිදැක්වුණු අතර එම උත්සවය අතරවාරයේදී ඉතා වැදගත් කරුණක් ඔහු පෙන්වා දුන්නේය.

දිවා – රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරග පැවැත්වුවද එමඟින් ටෙස්ට් ක්‍රිකට් තරග නැරඹීම වෙනුවෙන් ක්‍රීඩා ලෝලීන් ගෙන්වා ගැනීම අසීරු කරුණක් බව හිටපු ජාත්‍යන්තර විනිසුරුවකු වන සයිමන් ටෝෆල් පවසා ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් පළකල සයිමන් ටෝෆල් ,

“ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට මුහුණපා සිටින අභියෝගාත්මක තත්ත්වයට දිවා – රාත්‍රි ටෙස්ට් තරග පවැත්වීමෙන් විසඳුමක් ලැබෙන්නේ නැහැ. මෙයට වඩා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමටත්, එය වඩාත් ආකර්ෂණීය සහ නරඹන්නන් වෙත විනෝදාස්වාදය ගෙන දෙන කටයුත්තක් බවට පත් කිරීමට පියවර ගැනීම මඟින් ඊට විසඳුම් සෙවිය යුතු බවයි මා සිතන්නේ. එමෙන්ම ඒ සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අදහස් විමසමින් ඔවුන්ගේ ප්‍රතිචාරය කුමක්දැයි සොයා බැලීමත් වැදගත් වනවා.”

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සයිමන් ටෝෆල් පවසා සිටියේ විස්සයි – 20 ක්‍රීඩා රටාවේ ආකර්ෂණීය තරගාවලිත් ඉතාමත් ඉහළ තත්ත්වයේ එක්දින තරගාවලි වෙතත් ක්‍රීඩා ලෝලීන් ආකර්ෂණය වීම හේතුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට මෙම අවාසනාවන්ත තත්ත්වයක් උදාවූ බවයි.

වර්තමානයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින දැඩි තරගකාරී ස්වභාවයත්, ක්‍රිකට් තරග සඳහා භාවිත කෙරෙන උසස් තාක්ෂණයත් නිසා විනිසුරුවන් දැඩි පීඩනයකට පත්ව ඇති බව තමන් දකින බවත් ටෝෆල් තමන්ගේ කුලුඳුල් කෘතිය එළිදැක්වීමේ උත්සව සභාව අමතමින් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ල‌ෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් පුර්ව තරඟ හ‌ෙට

Mohamed Dilsad

අවිෂ්කට පුහුණුකාර ධුරයත් අහිමි වෙයි

Mohamed Dilsad

46 වන ජාතික ක්‍රිඩා උළලේ මැරතන් – පාපැදි තරග අද කතරගමදී

Mohamed Dilsad

Leave a Comment