ව්‍යාපාරික

ඕස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් ලබන CEO තනතුරට ලාංකිකාවක්

(UTV | කොළඹ) –  Australian Financial Review වාර්තා කරන පරිදි ඕස්ට්‍රේලියාවේ ඉහළම ගෙවීමක් ලබන ප්‍රධාන විධායකවරයා (CEO) වශයෙන් Macquarie සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනී ෂෙමාරා වික්‍රමනායක පත්ව තිබේ.

2018 ජූලි මාසයේ දී Macquarie සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනිය වශයෙන් ඇය වැඩ භාර ගනු ලැබූයේ Macquarie ඉතිහාසයේ එම තනතුරට පත් පළමු කාන්තාව බවට පත්වෙමින්.

මෙම සමීක්ෂණය Open Director නම් දත්ත සමාගම විසින් මෙහෙයවා ඇති අතර ඊට අනුව ඩොලර් මිලියන 18 ක ගෙවීමක් ඇයට වාර්ෂිකව හිමිවන බව අනාවරණය වී ඇත.

මෙම 50 දෙනාගේ ලැයිස්තුවට ෂෙමාරා වික්‍රමනායකට අමතව තවත් කාන්තාවක් තිදෙනෙකු පැමිණ ඇත.

එමෙන්ම වෙළෙඳපොළ වටිනාකම අනුව ඕස්ට්‍රේලියාවේ විශාලතම සමාගම් 20 තුළ ප්‍රධාන විධායක තනතුරක් දරන එකම කාන්තාව වන්නේ ද ෂෙමාරා වික්‍රමනායක යි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොටස් වෙළඳපොළ ඉහළට

Mohamed Dilsad

ඩොලරය නැවතත් ඉහළට

Mohamed Dilsad

වාහන ආනයනයට පනවා ඇති සීමා ඉවත් කිරීමට සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment