ව්‍යාපාරික

දුම්කොළ අලෙවිය පහළ බසී

(UTV | කොළඹ) –  පසුගිය කාර්තුව තුළදී දුම්කොළ සමස්ත අලෙවි පරිමාව 11% කින් පහළ බැස ඇති බව ලංකා දුම්කොළ සමාගම පවසයි.

ඉකුත් වසර තුළ සිදු වූ බදු ඉහළ යාම් මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව එම සමාගම සඳහන් කරයි.

ඔවුන් මේ බව සඳහන්කර සිටියේ , සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව සඳහා වන නවතම මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින්ය.

මෙම කාලය තුළ දී රජය වෙත ගෙවා ඇති බදුවල වටිනාකම රුපියල් මිලියන 800 කින් ඉහළ ගොස් ඇති බව ද එම සමාගම සඳහන් කරයි.

මෙම මූල්‍ය කාර්තුව තුළ දී ලංකා දුම්කොළ සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 4.51 ක් ලෙසින් සටහන් වී ඇත.

මෙය 2018 වසරේ අදාළ කාර්තුවෙහි බදු ගෙවීමෙන් පසු ලාභ අගය වූ රුපියල් බිලියන 3.65 හා සැසඳීමේ දී 23.55% ක වර්ධනයකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බොරතෙල් සඳහා ඇති ඉල්ලුම පහතට

Mohamed Dilsad

මුදල් බැහැරට යන ප්‍රාග්ධන ගනුදෙනු සඳහා මහ බැංකුවෙන් සීමා [RELEASE]

Mohamed Dilsad

අන්ධ කාන්තාවන් පමණක් සේවයේ නියුතු ඇඟලුම් කම්හලක්

Mohamed Dilsad

Leave a Comment