විදෙස්

ඕස්ට්‍රේලියාවේ 457 වීසා අහෝසි වෙයි(වීඩියෝ)

(උදයම්,ඕස්ට්‍රේලියාව)  – ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන 457 වීසා ඉදිරියේදී අහෝසි කරන බව අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ප්‍රකාශ කරයි.

අද සිය නිළ ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමිනුයි ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මේ බව ප්‍රකාශ කළේය.

457 වීසා වැඩසටහන මගින්  ඔස්ට්‍රේලියාව තුළ රැකියා කිරීම සඳහා විදේශ ශ්‍රමිකයන්ට අවස්ථාව ලැබුණි.

රැකියා කිරීම සඳහා ඕස්ට්‍රේලියාව තුළට පැමිණීමට ඉවහල් වන 457 වීසා ක්‍රමය සඳහා ඉඩ ලබානොදීම තුලින් නිපුණතා ශ්‍රමිකයින් හට ව්‍යාපාරික අවස්ථා ලබා දීමට එය තීරණාත්මක වන අතර ජාතික වශයෙන් වැදගත්වූ අවශ්‍යතා මත පදනම්ව විශේෂිතවූ තාවකාලික වීසා වර්ගයකින් 457 වීසා ආදේශ කිරීමට බලාපොරොත්තු වන බවද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී සේවා පළපුරුද්ද, ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වය , ශ්‍රම වෙළෙඳ පොළේ තත්ත්වය යන අවශ්‍යතා පිලිබඳ වැඩි අවධානයක් යොමු කරනු ඇත.

[ot-video][/ot-video]

Related posts

බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයට

Mohamed Dilsad

මුහුදු සිංහයෙකු දැරියක් ඩැහැ ගනී(වීඩියෝ)

Mohamed Dilsad

හිටිහැටියේම ගිලා බහින චීන ඉඳිකිරීම්(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment