ප්‍රමුඛ පුවත 1

ජේ ශ්‍රී රංගා සහ පොලිස් අධිකාරිගේ බී වාර්තා පිළිබඳව නිවේදනයක්

(UTV | කොළඹ) – නීතිපතිවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා සහ වවුනියාවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.සේනාරත්න සම්බන්ධ සම්පූර්ණ බී වාර්තා සම්පිණ්ඩන දින 3 ක් තුළ ලබාදෙන්නැයි වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම්දී තිබේ.

එහිදී දන්වා ඇත්තේ ඒ සඳහා ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙසයි.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න සඳහන් කරනුයේ ඒ සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව නීතිපතිවරයාගේ අවධානය යොමුවූ බවයි

රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා සහ වවුනියාවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු 06 දෙනා අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔවුන් පසුගියදා ඇප මත මුදා හැර තිබිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති අපේක්ෂකයින් අද මැතිවරණ කොමිසමට හමුවට

Mohamed Dilsad

කොදෙව් කණ්ඩායමේ පුහුණුකරුට තරඟ තහනමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තීරණය සැප්තැම්බර් මුලදී

Mohamed Dilsad

Leave a Comment