ක්‍රීඩාප්‍රමුඛ පුවත 1

කොදෙව් කණ්ඩායමේ පුහුණුකරුට තරඟ තහනමක්

(UTV| කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වු ස්ටුවර්ට් ලොව් හට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් එක්දින තරග දෙකක තහනමක් පනවා තිබේ.

එ අනුව ඉන්දීයාව සමග ඉදිරියේදි පැවැත්විමට නියමීත එක්දින තරගාවලියේ පළමු තරග දෙක ඔහුට තහනම් වනු ඇත.

පසුගිය ඉරිදා හයිදාබාද්හිදි අවසන් වු ඉන්දීයාව සමග ටෙස්ට් තරගයේ කොදෙව් ක්‍රීඩක කිරන් පවෙල් ගේ දැවී යාමෙන් පසු තෙවැනි විනිසුරු කාමරය වෙත ගොස් යම් ප්‍රකාශයන් සිදු කිරිම සහ සිව්වැනි විනිසුරුට යම් ප්‍රකාශ සිදු කිරිම සම්බන්ධයෙන් උද්ගත වු ක්‍රිකට් කවුන්සිලයේ නීති සංග්‍රහය උල්ලංගණය විමක් සම්බන්ධයෙන් මෙම දඩුවම් පැනවු බව අයි.සී.ය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

එසේම ඔහු විසින් පසුගිය මාස 24 ක් තුල නීති සංග්‍රහය කඩ කිරිමේ අවස්ථා තුල පැනවු දඩුවම් ලකුණූද මෙම තරග තහනම සඳහා සැලකිල්ලට ගත් බව ICCය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රබල දමිළ දේශපාලඥයෙකු පොහොට්ටුවට සහය දෙන්න සුදානම්

Mohamed Dilsad

රාජපක්ෂට අමතක වූ වගා හානි වන්දිය [VIDEO]

Mohamed Dilsad

නව ‘සයිබර් තාක්‍ෂණ’ ප්‍රදර්ශනය නැගෙනහිර පළාතේ නරඹන්නන් සියගණනකගේ ආකර්ශනය දිනාගනී

Mohamed Dilsad

Leave a Comment