ප්‍රමුඛ පුවත 1

කොටුව – බදුල්ල නව නගරාන්තර දුම්රිය සේවයක්

(UTV | කොළඹ) –  උඩරට දුම්රිය මාර්ගය සදහා මගීන්ගෙන් ඇති අධික ඉල්ලුම සැලකිල්ලට ගනිමින් S-14 වර්ගයේ බලවේග කට්ටල දුම්රියක් එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 

‘දෙනුවර මැණිකේ’ ලෙස නම් කර ඇති මෙම සුඛෝපභෝගී දුම්රිය ලබන මස පළමු වනදා සිට කොළඹ කොටුවෙන් ධාවන කටයුතු ආරම්භ කර බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

මෙහි පළමු පන්තියේ මැදිරි 2 කින්, දෙවන පන්තියේ මැදිරි 2 කින් සහ 3 වන පන්තියේ මැදිරි 03 කින් සමන්විත වේ.

මෙම සියළුම පන්තිවල ආසන කලින් වෙන්කර ගත හැකි අතර , මෙම සුඛෝපභෝගි දුම්රියේ සියළු මැදිරි සදහා මහජන ඇමතුම් පද්ධතියක්ද ස්ථාපිතය.

පළමු පන්තියේ වායු සමනය කළ මැදිරි තුළ රූපවාහිනි, ජංගම දුරකතන ආරෝපන පහසුකම්වලින්ද යුක්ත බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වයඹ ගැටුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කණගාටුව.

Mohamed Dilsad

ගීතාට දුන් තීන්දුවෙන් මන්ත්‍රී ධුර 11 කට අවධානමක්

Mohamed Dilsad

විභාග ඇගයීම් නිසා දෙවන පාසැල් නිවාඩුව දීර්ඝ වන පාසැල්

Mohamed Dilsad

Leave a Comment