ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

කුඩා වාහනවලට පණවා තිබු නව බද්ද ඉවතට

(UTV | කොළඹ) – මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් යෝජනා කළ ඇති මුදල් පනත සංශෝධනය කරමින්, මෝටර් වාහන මත පනවන ලද බද්දට සුඛෝපභෝගී මෝටර් කාර් සහ ජීප් රථ පමණක් අයත් බවත් කුඩා කාර් රථ කිසිවකටත් මෙම නව බද්දට අයත් නොවන බවත් සඳහන් වෙයි.

ඒ අනුව මෙම සුඛෝපභෝගී බද්දට වෑන් රථ, තනි කැබ් රථ, ඩබල් කැබ් රථ, මෝටර් සයිකල් සහ මෝටර් ට්‍රයිසිකල් යනාදී අයත් නොවේ.

රු. ලක්ෂ 35 කට වඩා වැඩි වටිනාකමකින් යුත් ඩීසල් සහ පෙට්‍රල් වාහන ආනයනයේදී එම සීමාව ඉක්මවන මුදලට පමණක් නව රෙගුලාසි අනුව මෙම බද්ද අයකරනු ලැබේ.

ඒ අනුව Toyota Vitz, Suzuki Every, Toyota Roomy, Suzuki Alto, Suzuki Baleno, Daihatsu Petrol, Honda Grace, Suzuki Wegon R, Toyota Aqua යන මාදිලිවල වාහන සහ Axio, Premio සහ Allion යන මාදිලිවල සාමාන්‍ය වාහන මෙම සුඛෝපභෝගී බද්දට අදාළ නොවේ.

මෙය මාර්තු 06 ට පසු ණයවර ලිපි විවෘත කර ආනයනය කරනු ලබන සියලු සුඛෝපභෝගී වාහනවලට නව බදු අදාළ වන අතර මෙම සුඛෝපභෝගී බද්ද 2019 මාර්තු 06 දින සිට ක්‍රියාත්මක වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය වැසෙයි

Mohamed Dilsad

පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය ජනපති විවෘත කරයි

Mohamed Dilsad

පකිස්තානුවන 07 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්

Mohamed Dilsad

Leave a Comment