ප්‍රමුඛ පුවත 1

විභාග ඇගයීම් නිසා දෙවන පාසැල් නිවාඩුව දීර්ඝ වන පාසැල්

(UTV| කොළඹ) – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු පාසල් 39 කදී අගෝස්තු 15 වන දින සිට අගෝස්තු 20 වන දින දක්වා සිදු කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඇගයීම් මණ්ඩල 436 ක් යටතේ ගුරුවරුන් 6976ක් ඊට සහභාගීත්වයෙන් සිදු වෙනු ඇත.

මේ අතර, 2018 අ.පො.ස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අදියර තුනක් යටතේ ආරම්භ කිරීමට නියමිතය.

එහි පළමු අදියරේ කටයුතු 2019 අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 13 දක්වා ඇගයිම් මණ්ඩල 498 ක දී ගුරුවරුන් 8466 කගේ සහභාගීත්වයෙන් සිදුවේ.

මේ කාලය තුළ වසා තැබෙන පාසල් සංඛ්‍යාව 26 කි.

එම පාසල් මෙම වසරේ තෙවන වාරය සඳහා 2019 සැප්තැම්බර් 16 වන දින නැවත ආරම්භ වීමට නියමිතය.

අ.පො.ස. උසස් පෙළ විභාගයේ පළමු අදියරෙහි ඇගයිම් කටයුතු සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු සඳහා යොදා ගනු ලබන පාසල් වල ලේඛනය මෙසේයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රුපියල් 25000 දඩය යළිත් ක්‍රියාත්මක කිරීමට අවධානය

Mohamed Dilsad

පනාපිටිය බොල්ගොඩ ආරක්ෂක වේල්ල කැඩීයාමේ අවධානම පහව යයි

Mohamed Dilsad

ඇමති රිෂාඩ් වව්නියාව සතොස ශාකාව හදිසියේ නිරීක්ෂණය කරයි

Mohamed Dilsad

Leave a Comment