ප්‍රමුඛ පුවත 1

පනාපිටිය බොල්ගොඩ ආරක්ෂක වේල්ල කැඩීයාමේ අවධානම පහව යයි

(උදයම්,කොළඹ)  – කැළණි, කළු, ගිං, නිල්වලා ආදී ගංඟා සහ අත්තනගලු ඔය පිටාර ගැලීම හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය මේ වන විට පහව යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර, අධික වර්ෂාව හේතුවෙන් පනාපිටිය බොල්ගොඩ ජලාශය හරස් කොට ඇති ආරක්ෂක වේල්ල කැඩී යාමේ අවධානම පහව ගොස් ඇති බව වාර්තාවේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න මහත්මිය සඳහන් කළාඑම වේල්ල ශක්තිමත් බවත් ඒ අවට ජනතාව කළබල නොවිය යුතු බවය.

මේ අතර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රදේශ කිහිපයකට බලපා තිබූ ගංවතුර තත්ත්වය මේ වන විට ක්‍රමයෙන් පහව යමින් පවතින බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා ගමන් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් ඒ ආශ්‍රිත රොන්මඩ පැවතීම හේතුවෙන් තවදුරටත් ගමනාගමන කටයුතු සීමා කර ඇති බවටයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

 

Related posts

මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05 කට නායයාමේ අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

පීඩන බෝම්බයක් සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගැනේ.

Mohamed Dilsad

චරිත හේරත් සභාපති තනතුර එපා කියයි

Mohamed Dilsad

Leave a Comment