ප්‍රමුඛ පුවත 1

පීඩන බෝම්බයක් සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගැනේ.

(UTV| කොළඹ) – නැගෙනහිර නාවිකයින් පිරිසක් සහ පොලිස් නිලධාරින් එක්ව  ත්‍රිකුණාමලය, එරක්කන්ඩි වෙරළ තීරයේ ඊයේ (06) සිදු කළ සෝදිසි මෙහෙයුමක දී සඟවා තිබූ පුපුරණද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.

එහිදී, විදුලි නොවන ඩෙටනේටර් 14 ක්, වෝටර් ජෙල් කූරු 03 ක්, චාර්ජස් 04 ක් සහ අඩි 1 ½ දිගැති ආරක‍්‍ෂිත වෙඩි නූලක් සොයා ගන්නා ලද අතර එම පුපුරණ ද්‍රව්‍ය තොගය ත්‍රිකුණාමලය, පොලිසිය වෙත භාර දීමට කටයුතු කළේය.

එමෙන්ම, තවත් නාවිකයින් පිරිසක් විසින් ‍පුල්මුඩේ, කෝකිලායි ප්‍රදේශයේ ඊයේ (06) සිදු කළ සෝදිසි කිරීමකදී මළ බඳින ලද පීඩන බෝම්බයක් සොයාගෙන තිබේ.

එම සොයා ගන්නා ලද බෝම්බය ආරක්‍ෂිතව ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි ආයතනය වෙත රැගෙන ගොස් නිෂ්ක්‍රිය කිරීමට කටයුතු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඥාණසාර හිමියන්ට සිර දඬුවම් නියම කරයි.වන්දි ගෙවන්නැයි නියෝග

Mohamed Dilsad

ගුවන්තොටුපලේ විදුලිය ඇණ හිටී

Mohamed Dilsad

කුරුණෑගල නාගරාධිපති තුෂාර සංජීව රිමාන්ඩ් භාරයට

Mohamed Dilsad

Leave a Comment