ප්‍රමුඛ පුවත 1

තවත් දෙමළ පක්ෂ රැස්වීමක් අද කොළඹදී

 

(UTV | කොළඹ) – ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ කරුණු 13කින් සමන්විත යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ඔවුන් අද(24) රැස් වීමට නියමතව ඇත.

මෙම සාකච්ජාව සඳහා උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ජනතා සන්ධානය, ටෙලෝ සංවිධානය, ඊ.පී.ආර්.එල්.එෆ්., ඉලංගෙයි තමිල් අරසු හා ෆ්ලොට් සංවිධානයේ නියෝජිතයින් කොළඹදී පස්වරුවේ එක්වන බවට වාර්තා වේ.

ඊයේ (23) දිනයේදී ජනාධිපතිවරණයේදී තමන්ගේ සහය ලබා දීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී ඇත.

ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමෙන් පසුව සිය සන්ධානයේ ස්ථාවරය දැනුම් දීම වඩාත් සුදුසු බව එහිදී බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවේ නවතම සිතියම අද එළි දැක්වේ

Mohamed Dilsad

ගෝඨාභයගේ ප්‍රකාශය පිළිගත නොහැකි – නාමල් කරුණාරත්න [VIDEO]

Mohamed Dilsad

අද වයඹ සියලු පාසල් වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment