ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ හෙට ඉදිරිපත් කෙරේ

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ හෙට (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

නැවත වරක් පාස්කු ඉරිදා සිදුවීම හා සමාන සිදුවීමක් ඇති නොවීමට ගත යුතු පියවර සහ නිර්දේශ අදාළ වාර්තාවේ සදහන්කර ඇති බවයි එහි සභාපති නියෝජ්‍ය නථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේ.

පිටු 200 කින් පමණ සමන්විත එම වාර්තාව සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් කෙරෙමින් තිබෙන බව නියෝජ්‍ය කථානායකවරයා පැවසීය.

මෙම වාර්තාව සම්බන්ධව පළවන ඇතැම් වාර්තා නිවැරදි නොවන බව පැවසූ ආනන්ද කුමාරසිරි මහතා විශේෂ කාරක සභාව පත් කරනු ලැබුවේ කිසිවෙකු හෝ වරදකරු කිරීමට නොවන බව ද සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිලියන 10 ඉක්මවන හෙරොයින් තොගයක් ගාල්ලෙන් සොයා ගනී

Mohamed Dilsad

තද සුළං සහ මුහුද රළු විය හැකි බවට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

සිසු විරෝධතාවක් හේතුවෙන් පුරහල රථවාහන තද බදයක්…

Mohamed Dilsad

Leave a Comment