ප්‍රමුඛ පුවත 1

තද සුළං සහ මුහුද රළු විය හැකි බවට අනතුරු ඇඟවීම්

(UTV|කොළඹ) – දිවයින ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩන කලාපයක් බවට පත්ව ඇත.ඒ හේතුවෙන් දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ,තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සහ දිවයිනේ තද වැසි සහ විටින් විට හමන තද සුලං (පැ.කි.මී. 60 පමණ) බලාපොරොත්තුවේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

සමහර ස්ථාන වලට, විශේෂයෙන් සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල (මි.මි.100 වැඩි) තද වැසිද ඇති විය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමටඅවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ඇමති මංගල ස්වීඩන් නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

Mohamed Dilsad

කුඩාවැල්ලේ වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අයවැය පරතරය සියයට 3.4 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment